නිරෝධායනය අවසන් කළ තව ත් 366 ක් අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ තව ත් 366 ක් අද නිවෙස් වෙත

by Staff writer 26-07-2020 | 10:37 AM

COLOMBO (News 1st) - නිරෝධායනය අවසන් කළ තව ත් 366 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යනු ඇති.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 26,563 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවය. මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 3920 දෙනෙකු මේ වනවිට නිරෝධයනය වෙමින් සිටින බව ද ඔහු පැවසුවේ ය. මේ අතර කොරෝනා ආසාදිත බව තහවුරු කිරීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ 1310 ක් ඊයේ දිනයේ සිදු කර තිබේ. ඒ අනුව මේ වනවිට මෙරට සිදු කර ඇති සමස්ත පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 149,196 කි.