දුම්වැටි ඉල්ලා මාතලේ හෝටලයක ගැටුමක්..

දුම්වැටි ඉල්ලා මාතලේ හෝටලයක ගැටුමක්..

by Staff writer 26-07-2020 | 8:38 PM

COLOMBO (News 1st) :  මාතලේ නගරයේ පිහිටි හෝටලයකට ඊයේ(25) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

ඊයේ රාත්‍රී 9. 45 ට පමණ මෙම හෝටලයට පැමිණි පිරිසක් දුම්වැටි ඉල්ලා ඇති අතර, දුම්වැටි නොමැති බව පැවසූ පසු ගැටුම හටගෙන තිබුණි. හෝටලයේ දේපොළවලට දැඩි අලාභ හානි සිදුව තිබේ. හෝටලයට සම්බන්ධ පුද්ගලයෙක්
"මෙතනින් දොර වහගෙන කට්ටිය ඇතුළට ගිහිල්ලා තියෙනවා. බේරෙන්න බැරි නිසා. ගහන හින්දා. මෙතන තිබ්බ ගෑස් සිලින්ඩරයක් අරන් දොරට ගහලා දොර කඩල ගෑස් ටැංකිය දාලා ගිහිල්ලා"
පහර දීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කෙරුණේ, හෝටල හිමියාගේ පුත්‍රයා සහ එහි සේවකයෙකි. හෝටල හිමිකරුගේ බිරිඳ
"119 ගැහුවා හය පාරක් ගහලා තමයි ගෙන්න ගත්තේ. ඇන්ට්‍රි එක ලියනකොට ඒ ගහපු උන් උන් අතන හිටියා. මම ඊට පස්සේ කිව්වා එස්අයි මහත්තයට ගිහින් අල්ලන්න කියලා. ඇන්ට්‍රි එක ලියලා ඕනේ කිව්වා අල්ලන්න. මිනියක් මැරුවත් එච්චරනේ ඉතින්. ඊට පස්සේ ජීප් දෙකක් ආවා මම කිව්වා ගෙනියන්න හදනවා කියල. ඇන්ට්‍රි ලියලම බලමු කිව්වා. ඊට පස්සේ උන් දමා ගෙන ගියා ජීප් දෙකෙන්"
කාන්තාවක්
"තාත්තයි පුතයි ගහලා තියෙන්නෙ. මුන් තාත්තලද?"
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැක කෙරෙන තවත් අයෙකු ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවත් පොලීසිය පැවසුවේ ය.