ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 6ක්..

ගෙවුණු දිනයේ ආසාදිතයින් 6යි: සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2770 ක් වෙයි..

by Staff writer 26-07-2020 | 7:38 AM

COLOMBO (News 1st) - මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2770 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් චෙන්නායි සිට හා බෙලරූස් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි. මේ වනවිට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් 656 කි. සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2103 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.