තරුපහේ හෝටලයකදී මත්⁣ පෙති 5600ක් සමග දෙදෙනෙකු කොටු

කොළඹ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 26-07-2020 | 10:46 AM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රධානපෙළේ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කළ මෙහෙයුමකිනි. ඔවුන් සතුව තිබී මත්පෙති 5600ක් සොයා ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2400 ක් ද සොයාගත් බවයි. 20 හා 29 හැවිරිදි සැකකරුවන් වත්තල හා ගොතටුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.