by Staff writer 26-07-2020 | 8:20 PM
COLOMBO (News 1st) : පිරිමි ළමයින් පිරිසක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, සැකකරු අද නුගේගෝඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, වින්දිතයන් ලෙස හඳුනාගත් දරුවන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරිමට පියවර ගත් බවයි.