by Staff writer 26-07-2020 | 8:22 AM
COLOMBO (News 1st) - ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු බව කියන සැකකරු පිරිමි ළමයින් 20 කට අධික පිරිසක් විවිධ අවස්ථාවල අපයෝජනයට ලක් කර ඇති බව හෙළිව තිබේ.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව 54 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බවය.
ඔහු විසින් ළමයින් අපයෝජනයට ලක් කරමින් අසභ්‍ය වීඩියෝ පට සකසා ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවිය.
සැකකරු සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත වේ.
https://www.facebook.com/NewsfirstSL/videos/1443013459420124/