කොළඹ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

26 Jul, 2020 | 10:46 am

COLOMBO (News 1st) – කොළඹ ප්‍රධානපෙළේ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කළ මෙහෙයුමකිනි.

ඔවුන් සතුව තිබී මත්පෙති 5600ක් සොයා ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2400 ක් ද සොයාගත් බවයි.

20 හා 29 හැවිරිදි සැකකරුවන් වත්තල හා ගොතටුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]