by Staff writer 25-07-2020 | 2:59 PM
COLOMBO (News 1st) : හෙරොයින් කිලෝ ග්‍රෑමයක් හා රුපියල් මිලියනයකට ආසන්න මුදල් සමග සැකකරුවන් 6 ක්, බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකින් පසුව සැකකරුවන් සමග හෙරෝයින් අත්අඩංගුවට ගත් බවයි.
බොරලැස්ගමුවේ නිවසක තිබි එම හෙරෝයින් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය එම වැටලීම සිදු කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, හෙරෝයින් අසුරන පුද්ගලයා, අලෙවි කිරීමට ලබාදෙන සහ අලෙවි කරන ඊට සම්බන්ධ පුද්ගලයින් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.