''හූ කියනවා.. නරියෝ හූ කියනවා.. පර නරි රැළ''

''හූ කියනවා.. නරියෝ හූ කියනවා.. පර නරි රැළ''

by Staff writer 25-07-2020 | 10:00 PM
COLOMBO (News 1st) : දේශපාලනඥයින්ට මැතිවරණ වේදිකාවලදී මේ දිනවල විවිධ ප්‍රතිචාර ලැබෙනු දැකගත හැකියි. ඊයේ බදුල්ල ඇටැම්පිටියේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකදී පිරිසක් නොසන්සුන් ලෙස හැසිරුණු අතර මෙම රැළියට අග්‍රාමාත්‍යවරයා මෙන්ම, විජමු ලොකුබණ්ඩාර, උදිත් ලොකු බණ්ඩාර ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් එක්ව සිටියහ. අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙර හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා අදහස් පළ කළේ ය. එහිදී පිරිසක් කෑ කෝ ගසමින් නොසන්සුන්ව හැසිරුණු අතර හිටපු කථානායකවරයා ඊට ආවේගශීලි ලෙස ප්‍රතිචාර දැක්වී ය.
''1818 ලොකු බන්ඩ ලා සුදු බණ්ඩලා රන් බණ්ඩලා කිරි බණ්ඩලා ඔක්කෝම ඌව වෙල්ලස්සේ මේ සටන් පිටිය සටන් පිටිය කියන්නේ හටන් පිටිය. හා හරි. සටන් පිටියට කියන්නේ මේ හටන් පිටියට. ඒ ඌව වෙල්ලස්සේ හටන් පිටිය. ඉතිං දැන් මම මේ අවස්ථාවේ කියන්න කැමැතියි. අපේ පුතාට ඔය විදිහට කට හැකර මොකා කතා කළත් ඒ අපි එක දෙයක් කියන්නම්. ඒ රත්තරං පුතා ඔය වගේ නරි හු කියනවා නරියෝ හු කියනවා පර නරි රැළ. මේ උතුම් ඡන්ද දායකයෝ. කලගුණ දන්න ඡන්ද දායකයෝ මේ අම්මලා තාත්තලා. ඔතන ඉදලා හැකර කට ඇරියට අපි දන්නවා වටින් ඉඳගෙන කරන උගුල්''  https://www.facebook.com/NewsfirstSL/videos/287209359009859/