වැල්ලේ සාරංගගේ සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට

වැල්ලේ සාරංගගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

by Staff writer 25-07-2020 | 8:35 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු හෙරොයින් සමග මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සාරංග ප්‍රදීප් නොහොත් 'වැල්ලේ සාරංග' නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයින් දෙදෙනෙක් බවයි. සැකකරුවන් සතුව තිබු හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 720 ක් සිය භාරයට ගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 සහ 40 හැවිරිදි වියේ පසුවන මෝදර පදිංචිකරුවන්වේ. සැකකරුවන් ලබන මස 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ, ඔවුන් ඊයේ පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.