පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට

by Staff writer 25-07-2020 | 1:17 PM

COLOMBO (News 1st) - පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ජනාධිපතිවරයා සංචාරය කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙරපාසල් ගුරුවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු වී ඇති බවයි. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ, මාතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. එම ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා පෙර පාසල් ගුරුවරියන්ට මාසික දීමනාවක් ලබා දීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව ළමාවිය සංවර්ධනය සම්මත ප්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයෙන් යුතුව සැලසුම් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.