කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9 ක ජල කප්පාදුවක්

by Staff writer 25-07-2020 | 2:18 PM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 සිට පසුදින අලුයම 5.00 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙනි. මේ යටතේ කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු අති.