කඩා දැමූ කුරුණෑගල පුරාවස්තු යළි ඉදිකරන ක්‍රමය..

කඩා දැමූ කුරුණෑගල පුරාවස්තු යළි ඉදිකරන්න සල්ලි හොයන ක්‍රමය මෙන්න..

by Staff writer 25-07-2020 | 1:08 PM

COLOMBO (News 1st) - කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඒ, ඒ ආයතනවලින් ලබා ගැනීමට තීරණය කර තිබේ.

බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම්, එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට හා කුරුණෑගල නගර සභාවට ඊට අදාළ ඉල්ලීම් ලිපි යොමු කර ඇති බවයි. අදාළ ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණයට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඔහු පැවසුවේ ය. ලේකම්වරයා සඳහන් කළේ, කෙසේ වෙතත් කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද කළ බවය. ඒ, පසුගිය දා ලබා දුන් අධිකරණ නියෝගයත් සමග පවතින නීතිමය තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. කඩා දමන ලද කුරුණෑගල ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණ කිරීම ඊයේ සිට ආරම්භ කරන්නැයි අමාත්‍යාංශය මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දී තිබුණි. නමුත් එම ස්ථානයට ඇතුළුවීම වලක්වමින් අධිකරණය පසුගිය දා කළ නියෝගය සැලකිල්ලටගෙන අධිකරණ කටයුතු අවසන් වූ වහාම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්. කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ ය.