ඉන්දීය මහ කොමසාරිස් නිලධාරියෙකුගේ නිවසකට හොරු පනී

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම්වරයෙකුගේ නිවසකට හොරු පනී

by Staff writer 25-07-2020 | 1:15 PM

COLOMBO (News 1st) - ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම්වරයෙකුගේ බොරැල්ල, කාසල් පාරේ පිහිටි නිවස බිඳ මුදල් සොරගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ දහවල් 1.00 ට පමණ පුද්ගලයෙකු නිවසට ඇතුළු වී එහි තිබූ අමෙරිකානු ඩොලර් 2000 ක් සහ රුපියල් 10,000 ක මුදලක් සොරාගෙන ඇති බවයි. සැකකරු මත්ද්‍රව්‍යට අබ්බැහි වූවෙකු බවට සැකකරන බව පොලීසිය පැවසුවේ ය. නිවසේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.