COLOMBO (News 1st) - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.
ඒ, පසුගිය දා නිකුත් කළ නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනයට අනුව සිය වෘත්තීයට අසාධාරණයක් වූ බව පවසමිනි.
කොරෝනා මර්දන රාජකාරී හා ඩෙංගු මර්දන කටයුතුවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වූයේ ඒ අනුවයි.
ඒ සම්බන්ධව අදහස් දැක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,
මේකෙදී විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා සෞඛ්‍ය ලේකම් සමග විධිමත් සාකච්ඡා 3ක් පවත්වලා තියෙනවා. අවිධිමත් විදිහට 5 ස් වතාවක් විතර සාකච්ඡා කරලා තියෙනවා .ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරිය මේ ගැටලුව නිර්මාණය වෙන්න කලින් අවස්ථා 3කදී මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා .ඒ කාලරාමුවල මේ ගැටලුව විසඳුනේ නැහැ. දැන් පරීක්ෂකවරු විසින් කරන රාජකාරි තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කළේ. එතකොට ඒ රාජකාරී සඳහා අවශ්‍ය බලය ලබානොදෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ වෙනත් සංගමයකට වෘත්තීය ඛාණ්ඩයකට තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන එක පැහැදිලිව ගැටලුවක්. අපි අහන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ අමාත්‍යාංශය තියෙන්නේ කොහොද ? කොළඹ 10 නැත්තන් කොළඹ 7 ද ?මහජන පරීක්ෂකවරුන්ගේ අරගලය වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ වෛද්‍ය නිලධාරී සංගමය එක්ක සාකච්ඡා කරන තත්ත්වය පත්වෙලා තියෙන්නේ. මේ සෞඛ්‍ය සේවා යාන්ත්‍රණය මේ තරම් පහත් තත්ත්වයට දාපු වකවානුවක් අපිට හඳුගන්න බැහැ .
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා,
සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට කටයුතු කරමින් සිටින්නේ ඒ ගොල්ලන්ගේ ගජ මිතුරු සහ ඒගොල්ලෝ විශ්වාස කරන පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට පමණයි විශේෂයෙන්ම කාර්ය සාධක බලකායේ කිසිදු වෛද්‍ය නොවන වෘත්තිකයෙකු ඇතුළත් කරලා නැහැ. නමුත් මේ කොවිඩ් වසංගතය පාලනය කරනවා කියන එක සාමූහික ක්‍රියාවලියක් වසංගත පාලනයේ රාජකාරී කටයුතු හා රාජකාරී කටයුතු කරලා මෙහි වටිනාකම වරප්‍රසාද තමන්ගේ අතරේ බෙදා ගැනීම සෞඛ්‍ය අංශ පසු වුණා. ඒකට ජනාධිපති කාර්ය සාධක බලකාය ඉදන් යම් කිසි සහයෝගයක් දීලා තියෙනවා. මේ වෙනතුරු සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පාර්ශව කරුවන්ගේ එකඟතාවක් ලබාගැනීමේ ක්‍රමවේදයක් නැහැ.
තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා,
අපි මැතිවරණ කොමසාරිස්වරයාට ඕනෑකමින් අවධාරණය කරනවා මේ මැතිවරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් රජයේ සේකයාගේ සහය ඔබතුමා අපේක්ෂා කරනවා නම් මේ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා වහාම මැදිහත් වෙන්න. ඔබතුමා වහාම නියෝග නිකුත් කරන්න. ඒ යෝජනාව තුළ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න මහජන පරීක්ෂකවරු සම්බන්ධයෙන් බලන්න. මේක තවදුරටත් ඇදගෙන යෑමට කටයුතු කලොත් මැතිවරණය තුළ රාජ්‍ය සේවය බිද වැටෙන්න පුළුවන්න
https://www.facebook.com/NewsfirstSL/videos/628031174506744/