PHI කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

PHI කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණාත්මක සාකච්ඡාවක..

by Staff writer 23-07-2020 | 8:13 AM

COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබේ.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, එළැඹෙන මැතිවරණයේ දී සංගමයේ කාර්යභාර්ය පිළිබඳ තීරණ ගැනීම මෙම හමුවේ අරමුණ බවයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අඛණ්ඩව වර්ජනයේ නිරත වන පස්වන දිනය අදයි. ඒ කොරෝනා මර්දන කටයුතු සඳහා නෛතික බලතල ලබා නොදීමට විරෝධය පළ කරමින් ය.