සෞඛ්‍ය බලධාරීන් අද මැතිවරණ කොමිසමට..

සෞඛ්‍ය බලධාරීන් අද මැතිවරණ කොමිසමට..

by Staff writer 23-07-2020 | 8:05 AM

COLOMBO ( News 1st ) : සියලු පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍යය අධ්‍යක්ෂවරුන් හා ජාතික මැතිවරණ කොමිසන් සභාව අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සබාවේදී ය. අද පස්වරුවේ පැවැත්වෙන මෙම රැස්වීමට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ සෙසු සාමාජිකයින් සහභාගී විමට නියමිතය. මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ, එහිදී ඉදිරි මහ මැතිවරණයට යොදා ගන්නා ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන විෂබීජහරණයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන බවයි.