සහල්, වී සත්ත්ව ආහාර නිෂ්පාදනයට භාවිත කිරීම තහනම්

සහල්, වී සත්ත්ව ආහාර නිෂ්පාදනයට භාවිත කිරීම තහනම්

by Staff writer 23-07-2020 | 9:48 PM
COLOMBO (News 1st) : සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. තව ද අදාළ ගැසට් නිවේදනයට අනුව සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී යෙදවුමක් ලෙස භාවිත කිරීම තහනම් වේ. එම තොග විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කිරිම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම නොකළ යුතු බවට සියලු නිෂ්පාදකයින් හා බෙදා හරින්නන් වෙත දන්වා සිටින බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ය.