සහරාන්ගේ අයෙක් ඉන්දීය බුද්ධි අංශයට තොරතුරු දීලා

සහරාන් ගැන ඉන්දීය බුද්ධි අංශ තොරතුරු දැනගත්තේ කොහොමද?

by Staff writer 23-07-2020 | 9:14 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු ඉන්දීය බුද්ධි අංශවෙත තොරතුරු ලබාදී ඇතැයි ප්‍රහාරය පිළිබඳව කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ රාත්‍රියේ අනාවරණය විය. මේ කරුණු අනාවරණය වූයේ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙකු ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි. ඉන්දීය බුද්ධි අංශවලට තොරතුරු ලබාදුන්නේ දැනට ඉන්දියාවට පලාගොස් ඇතැයි සැකකරන පුලස්තිනී නොහොත් සාරා නමැති කාන්තාව විය හැකි බවද රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියා කියා සිටියේ ය. ඇය ඉන්දියාවට පලාගොස් ඇතැයි සැකකරන තොරතුරු ලැබී ඇති බව කොමිසම හමුවේ පෙරේදා අනාවරණය විය. සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගිය මුහමුදු මුහමුදු හස්තුන් නමැත්තාගේ බිරිඳ ලෙස සාරා සැලකේ.