COLOMBO (News 1st) : අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායක් රටට අවශ්‍ය බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ගාල්ලේදී ප්‍රකාශයක් කළේ ය.
බහුතරය පමණක් අරගෙන මදි අපිට අවශ්‍යයි තුනෙන් දෙකේ බලයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.අලුතෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍යයි.
බැසිල් රාජපක්ෂ මහතා අලුත් ව්‍යවස්ථාවක් ගැන කථාකරද්දී දෙමළ ජාතික සන්ධානය බලය බෙදාහැරීම පිළිබඳව ඉන්දියාවට දී ඇති පොරොන්දු සිහිපත් කරයි.
පසුගිය සෙනසුරාදා දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශයට පත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ 13 වන සංශෝධනය පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමටත් එය තවත් ඉදිරියට ගොඩ නගමින් අර්ථාන්විත බලය බෙදා හැරීමක් සිදුකරන බවටත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරය දැරූ සමයේ ඉන්දියාවට නැවත නැවතත් සහතිකවී ඇති බවයි.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා 2015 මාර්තු මාසයේ මෙරට පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයක්ද ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිහිපත් කර තිබේ.
මෝදි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණේ, සහයෝගිතා ෆෙඩරල් ක්‍රමය තමන් විශ්වාස කරන බවයි.
මේ අතර මධ්‍යම ආණ්ඩුවෙන් පත්කරන ආණ්ඩුක්‍රාරවරයා හරහා පරිපාලනය සිදුකිරීම නිසා ඉන්දු ලංකා ගිවිසුමට අනුව ඇතිකල 13 වන සංශෝධනය දෝෂ සහිත බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා හින්දු පුවත්පතට පවසා තිබේ.
සම්බන්ධන් මහතා පෙන්වාදී ඇත්තේ දෙමළ ජනතාව සම්බන්ධ පරිපාලන අයිතිය කොළඹ පිහිටි රජය සතු එකක් නොව එය ජනතාව විසින්ම සිදුකළ යුත්තක් බවයි.
මෙවැනි පසුබිමක් තුළ දැන් ඉන්දීය තානාපති නිලධාරීන් උතුරු නැගෙනහිර දේශපාලන නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමද ආරම්භ කර තිබේ.
පසුගිය දිනවල පැවති එවැනි සාකච්ඡා ආවරණය කිරීමට මාධ්‍යයට පවා අවස්ථාවක් ලබා නොදුන්නේ ය.
දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා මේ පිළිබඳව අදහස් පළ කිරීම පවා ප්‍රතික්ෂේප කළේ ය.
නමුත් එම්.ඒ සුමන්දිරන් මහතා සහ තවත් පාර්ශ්ව කිහිපයක් මේ ගැන අදහස් පළ කළේ ය.
දේශපාලන විසදුම් සදහා ඉන්දියාවේ දායකත්වය ගැන සාකච්ඡාවුනා - එම්.ඒ සුමන්දිරන්
ඔවුන් ඇසූ ප්‍රශ්න පිලිබදව අවධානය යොමු කරන විට ඉන්දීය මධ්‍යම රජයට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්ෂේත්‍ර තත්ත්වය පිළිබඳව තොරතුරු ලබාදීමට උත්සාහ කිරීමක් ලෙස පෙනී ගියා - අබ්දුල් මහරූෆ්
ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව කියන්නේ අප කලාපයේ තියන ප්‍රබලම රට - සී. වී. විග්නේශ්වරන්
පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි මේ සම්බන්ධයෙන් පළ කළ අදහස පහතින්...
''19 ත් 13ත් නැති අලුත් ව්‍යස්ථාවක් නිර්මානය කරන්න ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට , සෞභාග්‍යයේ දැක්මට මිනිස්සු ඡන්දේ දීලා තියනවා.තමුන්නාසේලා පහුගිය දවස්වල දකිනැති,මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ, එතුමාගේ දේශපාලන දිවියේ 50 වන සංවත්සරයේදී එතුමාව නොසෑහෙන විදිහට වර්ණනා කළා සම්බන්ධන් මැතිතුමා.සම්බන්ධන්ට මොකටද මහින්ද රාජපක්ෂව වර්ණනා කරන්න ඔච්චර ආදරයක් ඇති වුණේ.හේතු රත්‍ර භිශ්‍රති. වර්ණනා වලට මොකක් හරි හේතුවක් තියනවා ලොක්කාව වර්ණණා කරන එකේ. ඒගොල්ල හිතනවා ඇති යුද්ධයෙන් දිනාගන්න බැරි වෙච්ච රට ව්‍යවස්ථා වෙනසකින් දිනන්න පුලුවන් වෙයි කියලා. අපි හිතන අපේ මින්ස්සු කියලා හිතන කණ්ඩායම කියන කතාවක් තියනවා 19 වන සංශෝධනය අහෝසි කරන්න ඕනේ කියලා.19 අහෝසි කරනවා කියලා කියන්නේ 19 පිටු ගලවලා මෙට්ටේ යට ගහන්න බැහැ.එහෙමනම් නව සංශෝදයක් අරගෙන එන්න ඕනේ 20. හැබැයි මතක තියාගතයුතු කාරණාව තමයි 20 වන සංශෝදනයට හංගලා 13 වන ව්‍යවස්ථා සංශෝදනය ක්‍රියාත්මක වෙන්නට තියන බාධක ටින අඩ ටික ගැලෙව්වොත් මොකද වෙන්නේ. අපි ව්‍යස්ථා සංශෝදනයක් ආයිත් මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ.අපිට ව්‍යවස්ථා සංශෝදන එපා. බෙදුම්වාදීන්ගේ. ආගමික අන්තවාදීන්ගේ,අරමුණු යටපත්වෙන ආකාරයට ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරන්න ඕනේ.''
මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ අභියෝගවලට ඉන්දියාව හා ඇමරිකාව එක්ව මුහුණ දිය යුතු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අවධාරණය කර තිබේ.
''අප වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ව වැඩ කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති අභියෝග ඉතා පැහැදිලිව පෙණෙන අවස්ථාවක අප එකමුතුව වැඩ කිරීම ඉතා වැදගත්. අපගේ මේ ප්‍රයත්නය වැරදුනොත් යටිතල පහසුකම් ව්‍යාපෘති, සැපයුම් දාම, ස්වයිරීභාවය, සහ අප දෙරටේ ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව අවධානම් තත්ත්වයකට පත් වන්න පුළුවන්.චීන හමුදාව මෑතකදී ආරම්භ කරන ලද ගැටුම් කොමියුනිස්ට් පක්ෂයේ පිලිගත නොහැකි හැසිරීම් ප්‍රබල උදාහරණයක්. මරණයට පත් වූ ඉන්දියානුවන් 20 දෙනා පිළිබදව අපි අතිශය කණගාටු වෙනවා.මා විශ්වාස කරනවා අපගේ සාමුහික ප්‍රයත්නයන් තුළින් අපිට ආරක්ෂා විය හැකි බව''