මට විතරක් ඇයි මෙහෙම කරන්නේ?

මට විතරක් ඇයි මෙහෙම කරන්නේ?

by Staff writer 23-07-2020 | 8:59 PM
COLOMBO (News 1st) : පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්‍ත්‍රික්කයට තරග කරන වියත් මග සංවිධානයේ වසන්ත යාපා බණ්ඩාර මහතා ඊයේ සහභාගිවූ හමුවක් අතර මග නවතා දැමීමට සිදුවිය. ඊට හේතුවූයේ මැතිවරණ නිලධාරීන් හා පොලීසිය ඔවුන්ට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ වසන්ත යාපා බණ්ඩාර තමාට මුහුණ දීමට සිදු වූ සිද්ධිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළේ ය.
''රටට කියන්න ඕනේ මේ ප්‍රශ්නය මොකද කණ්ඩායම් නායකයෝ පත් කරලා තියෙන්නේ සර් මටත් එක්ක.කණ්ඩායම් නායකයත් අපේක්ෂකයෙක්.කණ්ඩායම් නායකයා කොහොමද මං පාවා දෙන්නේ.අපි ආරක්ෂා කරන්න ඕනේ කණ්ඩායම් නායකයෝ. කණ්ඩායම් නායකයෝ කොහොමද එහෙම අපිව පාවා දෙන්නේ?''
එහිදී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර කිසියම් අයෙකු සමග මෙලස දුරකතන සංවාදයක නිරත විය.
''නෑ මම කියුවේ ඒකනේ.මේ කට්ටියගෙන් විමසීමක් කළා කෑම බීම දෙනවාද කියලා. එයාලා කියනවා කෑම බීම කිසිම දෙයක් දෙන්නේ නෑ. මෙතනට ඇවිල්ලා තියෙන්නේ උත්පල ජයරත්නයි කැරළි මර්ධන එකේ පොලීසියේ කණ්ඩායමයි ඇවිල්ලා ඉන්නවා මෙතෙන. එතාකොට ඇමතිතුමා මම කිසිම සම්බන්ධයක් නෑ මේකට''
https://www.facebook.com/NewsfirstSL/videos/749676425797214