COLOMBO (News 1st) : උප්පැන්න සහතිකය නිකුත් කිරිම සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක්‍රමවේදය පැහැදිලි කරමින්, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත් කළේ ය.
එහි දැක්වෙන්නේ, උප්පැන්න සහතිකය යන්න වෙනුවට, ජාතික උප්පැන්න සහතිකය නමින් එය හඳුන්වාදෙන බවයි.
භාෂාද්වයෙන්ම සැකසෙන ජාතික උප්පැන්න සහතිකයට උපතේදී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුළත් කෙරෙනු ඇති.
වඩාත් ආරක්ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කෙරෙන, ජාතික උප්පැන්න සහතිකයට ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ හා හොලො ග්රෑම් ස්ටිකරයක් ඇතුළත් වේ.
අදාළ උප්පැන්න සහතිකය නිකුත් කෙරෙන්නේ, රෙජිස්ටාර් ජනරාල්ගේ අත්සනින් යුතුවයි.
ළමුන්ට අගතිගාමී ලෙස බලපාන දෙමාපියන් විවාහක ද යන කොටස ඉවත් කෙරෙන බව ද, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ජාතිය යන්නට අමතරව දෙමාපියන්ගේ ජාතිකත්වය ද, ජාතික උප්පැන්න සහතිකයට ඇතුළත් බවයි.
මෙය තවමත් ජනගත කර නොමැති අතර, මිට අදාළ කාර්ය පියවර සම්පුර්ණ වීමෙන් පසු ජනගත කිරිමට බලාපොරොත්තු වන බව ද, රෙජිස්ටාර් ජනරාල් එන් සී විතානගේ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නව උප්පැන්නය