ගෙවුණු දිනයේ ආසාදිතයින් 22ක්

ගෙවුණු දිනයේ ආසාදිතයින් 22ක්: සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2752 දක්වා ඉහළට

by Chathurika Jayasundara 23-07-2020 | 6:47 AM

COLOMBO (News 1st) : මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග ය. ඉන් පුද්ගලයින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අය වේ. තවත් 7 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය. කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් සෙසු පුද්ගලයා කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 677 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2064 කි.