කප්පල්ලඩි වෙරළෙන් මතු වූ බීඩී කොළ

කප්පල්ලඩි වෙරළෙන් මතු වූ බීඩී කොළ: 8 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 23-07-2020 | 10:44 AM

COLOMBO ( News 1st ) : කල්පිටිය, කප්පල්ලඩි වෙරළ තීරයේදී බීඩී කොළ කිලෝ 1156ක් සමග සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කර තිබුණි. පොලීසිය ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී ලොරි 2ක් සහ බෝට්ටුවක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි. පොලිස් භාරයට පත්වූ බීඩි කොළ තොගය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන්වා ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.