කන්තලේ පොහොට්ටු ජන හමුවකදී උණුසුම් තත්ත්වයක්

කන්තලේ පොහොට්ටු ජන හමුවකදී උණුසුම් තත්ත්වයක්

by Staff writer 23-07-2020 | 8:43 PM
COLOMBO (News 1st) : පොදුජන පෙරමුණේ කන්නතලේ නගරයේ අද පැවති ජන හමුවකදී අද උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඊට හේතුවනේ මෙවර පොදුජන පෙරමුණෙන් තරග කරන ආරියවති ගලප්පත්ති මහත්මියට ඉදිරි පෙළ අසුනක් ලබා නොදීමයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කරන ජන හමුවක් අද පැවැත්වුනේ කන්තලේ නගර ශාලාවේදී ය. මෙම ජනහමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ත්‍රිකුණාමල දිස්ත්‍රිකයෙන් තරඟ කරන අපෙක්ෂයින් ද පැමිණීමට නියමිතව තිබිණ. රැස්වීමට පැමිණි පොදුජන පෙරමුණෙන් තරග කරන නිදහස් පක්ෂයේ ආරියවති ගලප්පත්ති මහත්මියට වෙදිකාවේ පිටුපස ආසනයක් පනවා තිබීම හේතුවෙන් ඇය කෝපයට පත්ව සිටියා ය.
''අපි ඇවිල්ලා දිස්ත්‍රික්කේ දිනන මිනිස්සු. මෙතන සභාපති අපිට පුටු නොදි මම කෑගැහුවට පස්සේ පුටු දාලා තියෙනවා දාල තියෙන විදිහ වැරදියි. සභාපතිවරු පළාත් සභා ඉල්ලන එක වෙනයි. තුට්ටු දෙකට වැටෙන්න බෑනේ අපේක්ෂකයින්ට''
පසුව ඇය වේදිකාවට නැග ඉදිරි පෙළ අසුනක වාඩි වී සංවිධායකයිනට ද දොස් නගන අයුරු දක්නට ලැබිණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණීමෙන් පසුව ඇයට ඔහු අසලින්ම අසුන් ගැනීමට අවස්ථාව ලබාදීමට සංවිධාකවරු කටයුතු කළහ.