ඉන්දියාව නැගෙනහිර ජැටිය අත්හරිද?

ඉන්දියාව නැගෙනහිර ජැටිය අත්හරිද?

by Staff writer 23-07-2020 | 9:37 PM
COLOMBO (News 1st) : නාවුක ගමනාගමන කටයුතුවලදී තීරණාත්මක ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ වරාය අත්පත්කර ගැනීමට ඉන්දියාව හා චීනය උත්සාහකරමින් සිටී. කොළඹ වරාය දකුණු පර්යන්තය හා හම්බන්තොට වරායේ මෙහෙයුම් කොටස දැන් චීනය සතුයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයට බදුදීමට කැබිනට් යෝජනාවක් ඉදිරිපත්වී ඇත්තේ එවැනි පසුබිමකයි. වෘත්තීය සමිති පළ කළ දැඩි විරෝධය නිසා ඉන්දීය යෝජනාව දැනට යටපත්වී තිබේ. මේ වනවිට වෘත්තීය සමිති වරාය තුළ කළු සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඔවුහු කළු පටි පැළඳ විරෝධය පළ කරමින් සිටිති. මේ සම්බන්ධයෙන් අද කැබිනට් හමුවේදී ද අදහස් පළ විය. එහිදී සම කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, රජය ඇමරිකා එක්සත් ජනපදය හෝ ඉන්දියාව හෝ චීනය සමග හෝ වෙනත් රටක් සමග ගැටුම් මාර්ගයකට නොගොස් සාච්ඡාමය මාර්ගයෙන් අවුල් නිරවුල් කරගැනීම සඳහා කටයුතු කරන බවයි.
''රජය රාජ්‍ය ත්‍රාන්තික කටයුතුවලදී ආවේගශිලීව හා චණ්ඩින් ලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියක් ජනාධිපතිතුමාගෙත් රජයෙත් නෑ. ඒ නිසා බොහෝ දේ මිත්‍ර රටවල් සමග සාකච්ජා කරලා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට හා රටේ පොදු නීතියට පටහැනි නොවන ලෙසත් විදේශ රජ්‍යයන් සමඟ විදේශ රටවල් සමග සබදතා පවත්වාගේන යාම සඳහා තමයි උත්සාහා දරන්නේ''
මෙහිදී මාධ්‍ය වේදීන් සම කැබිනට් ප්‍රාකශවරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළහ. පැනය :- මේ දක්වා මේ සම්බන්ධයෙන් ඉන්දියාවත් එක්ක සාකච්ජා කරලා නැද්ද? රජය. බන්දුල ගුණවර්ධන :- මං හිතන්නේ ආදාළ පාර්ශ්වයන් සමග මේ දක්වා කැබිනට් මණ්ඩලයට දන්වලා නෑ ඒ ඒ අංශ සමඟ නිරන්තර සාකච්ජා සංවාද පැවැත්වෙනවා. පැනය -:- ඇමතිතුමා මොකක්ද රජය ගන්න බලාපොරොත්තු වෙන අවසාන නිගමනය දැන් මෙතන වරාය සේවකයෝ මෙකට දැඩි ලෙස විරුද්දයි. රජය ප්‍රතිප්තිය බන්දුල ගුණවර්ධන -:- ඇවිල්ලා තියෙන එකඟතා තමයි ඔබතුමාලා දන්නවා මත්තල වරාය ඉන්දියාවට විකුණන්න තමයි තීරණය කරලා තිබුනේ.අවසන් අධියරට එනකම් අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් දෙදෙනාම ඉන්දියාවට ගොස් සාකච්ජා කරලා මේ ජාතික වරාට නොවිණවීමේ ප්‍රතිපත්තියට එකඟතාව ආවා රට පැත්තට ඉතින් ඒ නිසා ඉදිරියේදීත් එවැනි ජාතික වශයෙන් වැදගත්වන ප්‍රශ්න රාජ්‍ය තාන්ත්‍රික සුමට ක්‍රියාමාර්ග ඔස්සේ විසදා ගනී විසදා ගත යුතු වෙනවා.-- ඇමතිවරයා කියන ආකාරයට මේවා සුමටව විසඳාගන්න ලැබෙයිද? එසේ විසදාගෙන ජාතික සම්පත් ආරක්ෂා කරගන්න පුළුවන්නම් ජනතාවගෙත් එකම අපේක්ෂාවත් එයමයි.