අද සිට‍ වැසි තත්ත්වයේ වැඩි වීමක්

අද සිට‍ වැසි තත්ත්වයේ වැඩි වීමක්

by Staff writer 23-07-2020 | 10:00 AM

COLOMBO ( News 1st ) : අද සිට‍ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි ය. සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.