BREAKING :කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම : අන්තර්කාලීන වාර්තාව අගමැතිට

BREAKING :කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම : අන්තර්කාලීන වාර්තාව අගමැතිට

BREAKING :කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම : අන්තර්කාලීන වාර්තාව අගමැතිට

කර්තෘ Staff writer

22 Jul, 2020 | 4:02 pm

COLOMBO (News 1st) : කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන  වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

එම වාර්තාව අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

එම වාර්තාවෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත්කර ඇත.

01) ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේලවලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත.
මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.

02) මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.

03) මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.

04) මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.

05) විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට , බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන මහත්ම මහත්මීහු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින්  පත්කළ මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ.

මේ අතර මෙම සිද්ධිය පිළිබද විමර්ශන ලබන 31 වැනිදාට පෙර අවසන් කර උධෘත තමා වෙත යොමු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද පස්වරුවේ දැනුම්දී තිබේ.

 

කුරුණෑගල පුරාවස්තු කැඩූ අය නීතිය ඉදිරියට ගේන්න, හානියත් අය කර ගන්න – කමිටුව අගමැතිට දන්වයි

🔺කුරුණෑගල පුරාවස්තු කැඩූ අය නීතිය ඉදිරියට ගේන්න, හානියත් අය කර ගන්න – කමිටුව අගමැතිට දන්වයි#lka #News1st #PCR #Kurunegala #historicalplaces #kingscourt #presidentcommission

Posted by Newsfirst.lk on Wednesday, July 22, 2020

කුරුණෑගල සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන්න

🔺කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ලේ වාර්තාව ලබන 31ට පෙර ලබා දෙන්න – නීතිපති වැඩබලන පොලිස්පතිට දැනුම් දෙයි#lka #News1st #DG #Kurunegala #historicalplaces #kingscourt #AG #DappuladeLivera #AttorneyGeneral

Posted by Newsfirst.lk on Wednesday, July 22, 2020

 

BREAKING : කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම… කමිටු වාර්තාව අගමැතිට

BREAKING : කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම… කමිටු වාර්තාව අගමැතිට

Posted by Newsfirst.lk on Wednesday, July 22, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]