by Staff writer 22-07-2020 | 9:11 PM
COLOMBO (News 1st) : රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය ලක්ෂ 6ක් පමණ වන සියලුම විශ්‍රාමිකයනට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී තිබේ.
ආග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මින් පෙර අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වූයේ 2016 ජනවාරි 01 දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයනට පමණක් බවයි.
ඉන් ප්‍රතිලාභ ලැබූ පිරිස සමස්ත විශ්‍රාමිකයන්ගෙන් 10% කි.
නමුත් 2016 ජනවාරි 01 දිනට පෙර විශ්‍රාම ගිය 6 ලක්ෂයක් පමණ දෙනාට අග්‍රහාර රක්ෂණයට දායකවීමේ අවස්ථාවක් මෙතෙක් ලැබී නොතිබිණ.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි විශ්‍රාමිකයින් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේදී විෂමතාවක් නිර්මාණය වී ඇතැයි අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී නිරීක්ෂණය වූ බව එම නිවේදනයේ සඳහන් ය.
ඒ හේතුවෙන් මෙම විෂමතාව ඉවත් කොට 2016 ජනවාරි 01 වැනි දිනට පෙර විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ට ද ප්‍රතිලාභ අත්වන අයුරින් රක්ෂණ ක්‍රමය පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය අද තීරණය කළේ ය.