බන්ධනාගාරයේ නිලධාරීන් 4කට වරෙන්තු

බන්ධනාගාරයේ නිලධාරීන් 4ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

by Staff writer 22-07-2020 | 6:25 PM
COLOMBO (News 1st) : බන්ධනාගාර නිලධාරින් නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද වරෙන්තු නිකුත් කළේ ය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බලමිනි. අද නීතිපතිවරයා අදාළ නිලධාරීන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණ. මේ අනුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගත් නිලධාරීන් වන්නේ මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ අනුරුද්ද සම්පායෝ, ප්‍රධාන ජේලර් උපාලි සරත්චන්ද්‍ර , වැඩ බලන ජේලර් නිශාන්ත සෙනාරත්න, දෙවන පෙළ ජේලර් ප්‍රසාද් කළුආරච්චි යන සිව් දෙනා ය. ඔවුන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා නියෝග කළේ, මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් ලබා දීම ඇතුළු විෂමචාර ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන වාර්තාවක් සලකා බැලීමෙන් පසුවයි.