by Staff writer 22-07-2020 | 9:01 PM
COLOMBO (News 1st) : ජනතාවට මූලික සම්පත් අහිමිවී තිබියදී රටේ සම්පත් විදේශයන් අතට පත්වීමේ අවාදානම තවමත් එලෙසින්ම පවතී.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට බදුදීමට එරෙහිව අද වරාය වෘත්තීය සමිත් යළිත් විරෝධතාවක නිරතවිය.
අද දහවල් 12.20 ට පමණ කොළඹ වරාය පරිශ්‍රයට එක්වූ සියලුම වරාය වෘත්තිය සමිති සිය ඉල්ලීම් ඇතුලත් පුවරු ප්‍රදර්ශනය කරමින් වරාය චෛත්‍ය වට රවුම දක්වා පැමිණියේ ය.
පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද විරෝධතාව පැවති ස්ථානයට වැඩම කළහ.
උන්වහන්සේගේ වැඩම කිරීමෙන් අනතුරුව පිරිස ආගමික වතාවත්වල ද නිරත වූහ.
https://www.facebook.com/NewsfirstSL/videos/660103414585435/