තෙවරප්පෙරුම යළි ත් කලබලයක...

තෙවරප්පෙරුම යළි ත් කලබලයක.... ඇද වැටී රෝහලේ

by Staff writer 22-07-2020 | 8:38 PM
COLOMBO (News 1st) : දෙපිරිසක් අතර ඇතිවූ බව කියන ගැටුමකින් තුවාල ලබා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. කළුතර මතුගම වැල්කන්දල ප්‍රදේශයේ පවතින පානිය ජල ගැටලුව හේතුවෙන් නැවතත් ජල නළ එළීම මේ දිනවල සිදුකෙරෙමින් පවතී. එය සිදු කෙරෙන්නේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් හරහායි. අදාළ කෝන්ත්‍රාත් සමාගම ක්‍රමානුකූලව ජල නළ එළීම සිදුනොකරන බව පවසමින් පාලිත තෙවරප්පෙරුම මහතා එය නිරීක්ෂණය කිරීමට අද වැල්කන්දල ප්‍රදේශයට යළි පැමිණියේ ය. එහිදි සාමගමේ සාමාජිකයින් හා පාලිත තෙවරප්පෙරුම මහතා අතර බහින් බස්වීමක් සිදුව තිබේ. බහින් බස්වීම අතරතුර තුවාල ලැබූ පාලිත තෙවරප්පෙරුම මහතා ඒ සම්බන්ධයෙන් මතුගම පොලිසියට පැමිණ පැමිණිල්ලක් ද සිදු කර තිබේ. පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව තෙවරප්පෙරුම මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කළුතර නාගොඩ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ, අදාළ කොන්ත්‍රාත්කාර සමාගමේ සාමාජිකයින්ගෙන් සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.