by Staff writer 22-07-2020 | 10:17 PM
COLOMBO (News 1st) : වසර දෙකක් වැනි කෙටි කලක් තුළ මං සලකුණු ගණනාවක් සනිටුහන් කළ ගම්මැද්ද V-Force බලකාය අද අලුත් පියවරක් තැබී ය.
ඒ අනුව V-Force අද තුන්වන වසරට පා තැබුවේ, නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි.
ඒ දැනුමෙන් පිපාසිත දහස් ගණනක් Online ඔස්සේ සම්බන්ධ කර ගනිමිනි.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ අදහස්වලට සවන් දෙන්න මේ පිරිස Online ඔස්සේ සම්බන්ධ විය.
'අභියෝගය අවස්ථාවක් කරගෙන ව්‍යාකූලත්වය මැඩ ජයග්‍රහණය කරා' යන තේමාව යටතේ උපකුලපතිවරයා අත්දැකීම් බෙදා ගත්තේ ය.
පාසල් සිසු සිසුවියන්, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා තවත් විශ්ව විද්‍යාල කිහිපයක සිසු සිසුවියන් මෙන්ම V-Force සාමාජිකයින් රැසක් දැනුම සොයා යන්නට zoom සහ FaceBook ඔස්සේ එක්වූහ.
Online ඔස්සේ සම්බන්ධවූ බොහෝ දෙනෙක් මහාචාර්යවරයාගෙන් ගැටලු රැසකට පිළිතුරු ලබාගත්හ.
ඉදිරියේදීත් මෙවැනි අවස්ථා උදාකර දීමට V-Force සූදානම්....