මව සහ පියාගේ විවාහ, අවිවාහක බව උප්පැන්නයෙන් ඉවත් කිරීමට පියවර..

මව සහ පියාගේ විවාහ, අවිවාහක බව උප්පැන්නයෙන් ඉවත් කිරීමට පියවර..

මව සහ පියාගේ විවාහ, අවිවාහක බව උප්පැන්නයෙන් ඉවත් කිරීමට පියවර..

කර්තෘ Staff writer

22 Jul, 2020 | 7:00 am

COLOMBO (News 1st) : උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කළේ, මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවයි.

මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් බව ද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

නව ඩිජිටල් උප්පැන්න සහතිකය ඉදිරි මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද රෙජිස්ටාර් ජනරාල් එන්. සී විතානගේ මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]