අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු කොටු

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 22-07-2020 | 11:45 AM

COLOMBO ( News 1st ) : අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු හා සැකකාරියක් අතුරුගිරිය, තලංගම, පයිප්ප පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් හා යතුරු පැදි 3ක් ද සොයාගත් බවයි. 32 හැවිරිදි සැකකරු හා සැකකාරිය මොරටුව හා පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර මන්නාරම, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 6 යි ග්‍රෑම් 90 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර හෙරොයින් ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 120 ක් සමග 49 හැවිරිදි සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වූ සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.