V-Force හෙට දවසේත් රට වෙනුවෙන් පෙරට එන්න සූදානම්

V-Force හෙට දවසේත් රට වෙනුවෙන් පෙරට එන්න සූදානම්....

by Staff writer 21-07-2020 | 9:30 PM
COLOMBO (News 1st) : 2018 ජූලි මස 21 වැනිදා ගම්මැද්ද ව්‍යාපෘතියේ ස්වේච්ඡා සංවිධානය ලෙසින් රටට නායකත්වය දෙන බල මුළුවක සමාරම්භය සනිටුවහන් විය. V-Force අද දෙවසරක කෙටි ගමන්මග දෙස ආපසු හැරී බලන්නේ අභිමානයෙනි. මුල්වරට V-Force සාමාජිකයින් සිගීරි පර්වත මුදුනට නැග්ගේ නවීකරණ කටයුතු සඳහා ගෙනවිත් තිබූ ගඩොල් ද රැගෙනයි. මාස 6 ක කටයුත්තක් වූ එය V-Force සාමාජිකයින් එක් දිනකින් අවසන් කළේ ය. අනතුරුවV-Force සාමාජිකයින් රත්නපුරයේදී බලමුළු ගැන්වුණේ මිහිකතට පැළ 4000 ක් දායාද කරමිනි. අඳුරට ගිය කෑගලු දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට V-Force කටයුතු කලේ කෑගල්ල කණිෂ්ට විද්‍යාලයේ පංති කාමර පිංතාරු ගන්වමිනි. පවිත්‍ර කෙරුණු මහා පලුගස්වැව නිසා එහි ගොවියා අදටත් සරු අස්වනු නෙලා ගනී. ගිනිගත්ත ඇල්ල යළි හරිත වර්ණයෙන් බබලවන්නට පැළ සිටුවීම සඳහා වී V-Force සාමාජිකයින් දෙවරක්ම එහි ගියේ ය. එතැනින් නොනැවතුනු V-Force කළු ගග දෙපසත්, ෆොක්ස් හිල් පරිසර පද්ධතියත් ආරක්ෂා කර ගැනීමට පැළ සිටුවී ය. V-Force සිදුකළ මෙහෙවර අතර, ? ශ්‍රී පාදස්ථාන මාර්ග පවිත්‍ර කිරීම ? පොලිසිය සමග එක්ව මතට ඇබ්බැහිවූවන් මුදා ගැනීම ? ඩෙංගු මර්දනය ගැන ජනතාව දැනුවත් කිරීම ? ජීවිත ආරක්ෂාව ගැන ප්‍රායෝගික පුහුණු සැසි සංවිධානය කිරීම ? තරුණ ජවය ක්‍රීඩාවට යොමුකිරීම ?තරුණ තරුණියන්ට නායකත්ව මග කියාදීම සුවිශේෂියි. මේ සියල්ල සිදු කළේ, ඔබයි. රටේ විසිරී පැතිරුණු දහස් සංඛතාව ශ්‍රී ලාංකිකයින්ගෙන් සන්නද්ධ වූ V-Force හෙට දවසේදීත් රට වෙනුවෙන් පෙරට ඒමට සූදානම්. කොරෝනා වංසගතය හමුවේ එකට එක්විය නොහැකි වුවත් තවත් සුවිශේෂි කාර්යයක් සමගින් V-Force හෙට තුන්වන වසරට පා තබයි. ඒ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා Online ඔස්සේ පවත්වන නායකත්ව සමුළුව සමගිනි. https://www.youtube.com/watch?v=vWrY6QQFDqk&feature=youtu.be