ශෂි වීරවංශට වරෙන්තු

ශෂි වීරවංශට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු

by Staff writer 21-07-2020 | 10:15 AM

COLOMBO (News 1st) - ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකාරියක වන ශෂි වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කර තිබේ.

නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය පැවැත්වීම සඳහා නඩුව කැඳ වූ අවස්ථාවේදී සැකකාර ශෂි වීරවංශ මහත්මිය අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණයට නොපැමිණෙන බවට ඇය දුරකතන මාර්ගයෙන් අද පෙරවරුවේ දැනුම් දුන් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අධිකරණයට දැනුම් දුන්නේ ය. එහෙත් එම සැකකාරිය ඇයගේ අසනීප තත්ත්වය තහවුරු කිරීමට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් පෙර නඩු දිනයේදී ද අසනීප බව දන්වා අධිකරණයට පැමිණ නැති බවත්, සැකකාරියගේ එම ක්‍රියා කලාපය මගින් පැහැදිලි වන්නේ විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම බව, පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය. කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සැකකාරියගේ අසනීප තත්ත්වය පැහැදිලිව තහවුරු කර නොමැති බැවින් වරෙන්තු නියෝගය නිකුත් කරන බව පෙන්වා දෙමින් විත්තියේ සාක්ෂී විභාගය අගෝස්තු 18 වැනි දා ආරම්භ කිරීමට දින නියම කර තිබේ.