COLOMBO (News 1st) : රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට යැවූ බව කියන ලිපියක් සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් නිර්මාණයවී තිබේ.
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අගොස්තු 10 වැනිදා දක්වා කල් දමන්නැයි, මැතිවරණ කොමිසම එම ලිපියෙන් පොලීසියට දැනුම් දී තිබිණ.
අද මැතිවරණ කොමිසමට පැමිණි සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළේ ය.
මේ අතර මැතිවරණ කොමිෂණ් සභාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අදහස් පළ කළේ ය.
''අපිව හිරේ දානකොට දේශප්‍රිය උණු නොවිච්ච ආසනය රිෂාඩ් බදුයුද්දීන් කට උත්තරයක් දෙන්න කියලා කියනකොට උනු වෙන්නේ කොහොමද? ස්වාධීන කොමිසම ඔන්න දුන්න ස්වාධීනත්වය. අන්න හඩ පටයක් ඇවිත් තියෙනවා. සමාජ මාධ්‍යවල, කොමිසම හිතනව නම් අපි දේශපාලන බබ්බු කියලා මේ ඡන්දේ ඉවර වුනහම අපි ඉතුරු ටිකත් එළියට දාන්නම්. දැන් ලැජ්ජ තියෙනව නම් ඔය තනතුරේ ඉන්න බැහැ''
මේ අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරුණු පැහැදිලි කළේ ය.
ඔහු පැවසුවේ, පොලීසියට කටඋත්තර දීමට යාම නිසා මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට බාධා වෙන බව පවසමින් රිෂාඩ් බදියුදීන් සහ රවි කරුණානායක පසුගිය 15 වැනි දා පැවති රැස්වීමට ලිපි දෙකක් ඉදිරිපත් කර තිබූ බවයි.
''රිෂාඩ් බදියුදීන් මහත්තයා පෙන්නල දීල තිබ්බා. එයා ඊට කලින් සුමානේ ගිහිල්ලා කට උත්තරයක් දුන්නා. පැය දහයක්.ඔහුට මන්නාරම වවුනියාව මුලතිව් ත්‍රිකුණාමලය අම්පාර මඩකලපුව ප්‍රදේශවල කැන්වසින් යන්න කාලය ගතවෙනවා හැකියාවක් තියෙනව නම් මේක ඡන්ද විමසීමෙන් පස්සට කට උත්තරය දෙන්න වෙලාව අරන් දෙන්න කියලා. රවි කරුණානායක මහත්තයා එහෙම ඉල්ලීමක් කරලා තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට ඒක දැන්වූවා''
මෙහිදී මාධ්‍ය වේදීන් සභාපතිවරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළේ ය.
ප්‍රශ්නය : -
විමල් වීරවංශ මහත්තයා කියල තිබ්බා ඔබතුමාට ඒ සම්බන්ධයෙන් බලයක් නැහැ කියලා.
සභාපතිවරයාගේ පිළිතුර:-
අපි ගරු විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රකාශයට උත්තර දීමක් හැටියට නෙමෙයි ඔබේ විමසීමට පිළිතුරක් හැටියට කියන්න පුළුවන් කරුණ තමයි ඒ කරුණ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ගත්ත තීන්දුවක් නෙමෙයි. වෙන පැමිණිල්ලක් තියෙනවා තියෙනව නම් ඒකට කරුණු තියෙනවා නම් ඒක මැතිවරණ ව්‍යාපාරයට බාධාවක් නොවන සේ ක්‍රියා කළ යුතුය කියන ඉල්ලීම අපි පොලිසියට කියලා පොලීසිය එකඟවෙලා ක්‍රියා කරලා තියෙනවා.මේක 2015ක් කරල තියනවා 2019 කරලා තියනවා..ඊට ඉස්සර හිටපු කොමසාරිස්වරුන්ගේ කාලවලත් විවිධ පක්ෂවල අයට ඒ සහනය දීලා තියෙනවා.අද පොලිස්පතිවරයා අපිට ලියුමක් එවල තිබුණා මේ ගැන කරුණු දක්වලා. අපි අද රැස්වීමේදී පොලිස්පතිවරයාගේ ලිපිය ගැන සාකච්ඡා කළා. අපි ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව අපේ නීතිය අංශයෙන් උපදෙස් පතලා අපි ඒ කරුණු සාකච්ඡා කරලා හෙට දිනයේ පොලිස්පතිතුමාට පිළිතුරක් එවන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය : -
විමල් වීරවංශ මහත්තයා සෘජුවම කියනවා ඔබතුමා සම්බන්ධයෙන් බොහෝ කරුණු අනාවරණය කරන්න තියෙනවා මැතිවරණයෙන් පස්සේ අනාවරණය කරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.
සභාපතිවරයාගේ පිළිතුර:-
මැතිවරණයෙන් පස්සේ අනාවරණය කරාට කමක් නැහැ නේ.. කොහොමටත් මේ ඡන්දය තිබ්බට පස්සේ අපි ආයෙත් ඡන්ද යන්නේ නැහැනේ.අපි මේ කමිෂන් එක යනවානේ.