පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් හෙළිදරව්වක්

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් හෙළිදරව්වක්

by Staff writer 21-07-2020 | 8:28 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍යවරයෙකු ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මුල්කරගනිමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා අද අනාවරණයක් කළේ ය. ඔහු මේ අනාවරණයෙන් කියා සිටියේ සීගිරියේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක සිදුකිරීමට ගිය ව්‍යාපෘතියක් පිළිබඳවයි. හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (20) දිනයේ සිදු කළ ප්‍රකාශය පහතින්...
''පුරාවිද්‍ය හිටපු කොමසාරිස්වරයව විමර්ශනයක් කරලා ඔහුගේ විශමාචාර සම්බන්ධයෙන් දූෂණ සම්බන්ධයෙන් ඔහුව ඉවත් කළා.කැබිනට් මණ්ඩලයටත් ඒක ආවා.ඒ කරපු විමර්ශනයෙන් ඔහුව තියාගන්න පුලුවන් කමක් නැහැ. නමුත් මේ ආණ්ඩුව කිසිවක් බලන්නේ නැතුව ඔහුවම නැවත දැම්මා ගෙනල්ලා. ඉතිං එහෙම කරලා තියෙද්දී ආපහුව ඔහුව පුරාවිද්‍යා කොමසාරිස් කරනවනම්, ආපහු බලාපොරොත්තු වෙන්න පුලුවන්ද මෙවැනි ස්ථාන ආරක්ෂා කිරිම සම්බන්ධයෙන්. ඔහු පුරාවිද්‍යා ස්ථාන හානි වෙද්දී ඔහු ක්‍රියාත්මකවීමේ ප්‍රශ්න තිබුණා. මම බය නැතුව ඇමතිවරයා විදිහට ඒ තීන්දු තීරණ ගත්තා.අදත් හරි ක්‍රියාමාර්ග අරගෙන නැහැනේ. පුරාවිද්‍යා සතු බලය පාවිච්චිකරලා නැහැනේ. අද ඒකත් දේශපාලක න්‍යායපත්‍රයක් වෙලා''
හිටපු අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි අදහසක් පළ කළේ ය.
''අපේ අමාත්‍යංශය භාරව හිටපු ආමාත්‍යවරයෙක් චෝදනා කරනවා මම විෂාචාර නිසා අයින් කරපු එක්කෙනෙක් කියලා.මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත්සන් කරපු ලියුම. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා වෙත ඉදිරිපත් කරපු චෝදනා වලට සම්බන්ධ මූලික පරීක්ෂන වාර්තාව අනුව ඔහු විසින් ඉතා තදබල විශමාචාරයක් කර ඇති බවක් නොපෙනේ. මහාචාර්ය සෙනරත් දිසානායකගේ රාජකාරී තහනම් කිරීම අසාධරණ බව පෙනේ. කැබිනට් එකේ ප්‍රධානියා. ජනාධිපතිතුමා දීපු තීන්දුව. පහුගිය කාලේ ඇමතිතුමා ඔහු පුරාවිද්‍යාඥයෙන් කියන හැගීමකින් තමයි හැමවේලාවෙම කටයුතු කරන්නේ. තීන්දු ගත්තේ ඔහු. සීගිරිය අදල තියෙන කළුදිය පොකුණ කෙියන්නේ ගල්ගුහා 73ක් තියෙන ක්‍රි. පූ . 3-2 දක්වා ශිලා ලේඛන තියෙන ඉතාම වැදගත් පුරාවිද්‍යා සංකේතයක්. මට අමාත්‍යවරයා යෝජනා කරනවා මේ ස්ථානය පවරන්න මේ තියෙන්නේ ඒ ව්‍යාපාරිකයාගේ දීපු මුද්‍රිත වාර්තාව. මෙන්න ඔහුගේ වාර්තාවෙ හෝටලය සදහා ඉල්ලන ඉඩම. ඔහු ඉල්ලනවා මේ පුරාවිද්‍යා ස්ථානයෙන් අක්කර 85න් ගල් ලෙන් තියෙන අක්කර 15ක් විදේශිකයන්ට හෝටල් කාමර බවට පත්කරලා මේක සංචාරක හෝටලයක් බවට පත් කරනන්න. මෙන්න මේකයි හෝටලයකට ඉල්ලන්නේ. එතකොට මට මීට අමතරව අමාත්‍යවරයාගේ හඩපට තියෙනවා. නමුත් මම මේ වේලාවේ අමාත්‍යවරයාගෙන් මට වුනු අපහාසයට කෝටි 100ක වන්දියක් ඉල්ලලා නඩුවක් පැවරීමේ මූලික කටයුතු කෙරෙමින් තියෙනවා. ඒ නිසා මට ඔබතුමාලට හඩප ට ඔබතුමාලාට නිදහස් කිරීමේ හැකියාවක් නෑ. හැඉැයි නඩුවෙන් පස්සේ ඔබතුමාලාට ඒ හඩපට අමාත්‍යවරයාගේ වචනයෙන් ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම අමාත්‍යවරයාට මුලදීම කිව්වා මේක පුරාවිද්‍යා රක්ෂිතයක්. පුරාවිද්‍යා රක්ෂිතයක් මොනම හේතුවක් නිසාවත් වෙනත් කාරණයකට පවරන්න බෑ. ඒ වතාවෙත් ඔහුගේ පිලිතුර වුනේ නෑ මේක දෙන්න කියලා. මට නියෝග කරා ස්ථානයට ගිහින් අදාළ ව්‍යාපාරිකයත් එක්ක ස්ථානය බලන්න කියලා. මම ඒ ඉල්ලිමටත් ගරු කරා. ඒ ව්‍යාපාරිකයට මම ඒ ස්ථානයෙදීත් කිව්වා මේක දිය නොහැකියි. ඊට සතියකට පමණ පසු අමාත්‍යවරයා විමසනවා හෝටලය අහවල් ව්‍යාපාරිකයට දුන්නද කියලා.මම කිව්වා නෑ සර්. මේක දෙන්න බෑ. අමාත්‍යවරයාගේ පිලිතුර නුවේ එහෙනම් මගේ නියෝග ක්‍රියාත්මක කළ හැකි අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් මට පත්කර ගත හැකියි. ඒකත් මගේ හඬපටවල තියෙනවා. නැගෙනහිර පළාතේ මායිමි ගල් හිටෙව්වා පුරාවිද්‍යා ස්ථානවල . බෝඩ් ලෑලි දැම්මා. මේවා ඔහුගෙන් හෝ ඔහුය ඉහළ දේශපාලඥයගෙන් නියෝග ආවා. මට අවසානේ සිද්ධ වුණා නියෝග කොච්චර බරපතල ද කිව්වොත් බෝඩ් ලෑල්ලක් ඉවත් කරගන්න''    https://www.facebook.com/NewsfirstSL/videos/2343932272581693/