COLOMBO (News 1st) : නිරෝධායනය වෙමින් සිටින ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාකරන වැඩපිළිවෙළ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළේ ය.
මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, නිරෝධායනයට ලක්වෙමින් සිටින සියලු දෙනාගේම ඡන්ද බලය කොමිෂන් සභාව විසින් ආරක්ෂා කරන බවයි.
''නමුත් ඒ කිසිවකු සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානවලට එන්නේ නැහැ. අනිකුත් ඡන්දදායකයන් හරි නිලධාරීන් හරි කිසිදු ආකාරයක බියක් ඇති කර ගන්න ඕනේ නැහැ. අපි දැනට බලාපොරොත්තු වෙන්නේ එම ඡන්ද හිමියන්ට තැපැල් ඡන්ද ආකාරයේ වැඩ සටහනකින් ඡන්දය ලකුණු කිරීමට ඉඩදීම. Lockdown කරපු රාජාංගනයේ සමහර අය ඉන්නවා රාජාංගනයේ ඡන්දදායකයෝ නෙමෙයි වෙනත් තැන්වල ඡන්දදායකයෝ. ඒ අය සම්බන්ධයෙනුත් අපි තොරතුරු එකතු කරලා ඒ තොරතුරු තැපැල් ඡන්ද වලට ගන්නවා. රාජාංගනය ප්‍රදේශයේ නැවතීමට සිදු වී ඇති වෙනත් ප්‍රදේශවල ඡන්ද දායකයින් ඉන්නවනම් ඔවුන්ගේ තොරතුරු අනුරාධපුර මැතිවරණ කාර්‍යාලයට ලබාදෙන්න''
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදහස් පළ කළේ ය.
''පාසල් නිවාඩුව නිසා තැපැල් ඡන්ද ලකුණු කිරීමේ යම් අඩුවක් තියෙනවා. අපිට මොකක්ද කරන්න පුළුවන්. තාම අපි ෆිගර්ස් එකතු කළේ නැහැ.අපි එහෙම එකතු කළහම බලල එහෙම වුණොත් තව දවසක් දෙනවා.''