නාවික හමුදාවේ කොරෝනා පොකුර අවසන්

නාවික හමුදාවේ කොරෝනා පොකුර අවසන්: ආසාදිතයින් 906 දෙනාම සුවය ලබයි

by Staff writer 21-07-2020 | 7:19 AM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතව සිටි නාවික හමුදාවේ සියලු සාමාජිකයින් පූර්ණ සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලබා ඇති බවය.