දියණිය කෙළෙසූ පියෙකුට 54 වසරක සිර දඬුවම්

දියණිය කෙළෙසූ පුද්ගලයෙකුට 54 වසරක සිර දඬුවම්

by Staff writer 21-07-2020 | 7:25 PM
COLOMBO (News 1st) : සිය දියණිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 54 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ. ඒ ඊට අදාළ නඩුව කළුතර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය. 2011 වසරේ නොවැම්බර් මස 20 වැනි දින විත්තිකරු විසින් සිය දියණිය දූෂණයට ලක් කර ඇති අතර ඇය ඒ වන විට 11 හැවිරිදි වියේ පසු වූවා ය. මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ විත්තිකරුට එරෙහිව චෝදනා 3 ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබිණ.