තැපැල් ඡන්දය දැමීමට නොහැකි වූ අයට තවත් අවස්ථාවක්

තැපැල් ඡන්දය දැමීමට නොහැකි වූ අයට විශේෂ කාල සීමාවක්

by Sagarika Chathumali 21-07-2020 | 10:36 PM
COLOMBO (News 1st) : තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ ඡන්ද හිමියන්ට විශේෂ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඒ අනුව, ලබන 24 වනදා උදෑසන 8.30 සිට පස්වරු 4 දක්වාත්, 25 වැනිදා උදෑසන 8.30 සිට සවස 2 දක්වාත් ඊට අවස්ථාව ලබා දෙන බවයි. මෙතෙක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඊට අවස්ථාව හිමිවේ.