ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-07-2020 | 6:12 AM

දේශීය පුවත්

1. A/L හා ශිෂ්‍යත්වය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ: උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 2. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් සහ සම්බන්ධන් අතර රහස් හමුවක්: යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් එස් බාලචන්ද්‍රන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවිය. 3. අපිට මේ රට හැදීමේ පිපාසයක් තියෙනවා – අනුර කුමාර: ජනතාව එක් අවස්ථාවක් ලබා දෙන්නේනම්, මේ රට සංවර්ධනය කරන බවට සහතික වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 4. අපේ මිනිහෙක් වුණත් වරදක් කරලා තියෙනවනම් නීතියෙන් පියවර ගන්නවා – අගමැති: කුරුණෑගල, බුවනෙකබාහු රාජ සභාව ලෙස සැලකෙන ස්ථානයේ පුරාවස්තු විනාශයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විදෙස් පුවත්

5. එක්සත් අරාබිය අඟහරු ග්‍රහයා ගැන අධ්‍යයනයට යානාවක් යවයි: එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථමවරට අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා යානාවක් නිකුත් කර හැරියේ ය.