කරුණාට එරෙහි කලෙහිපතිරණගේ පෙත්සම‍ ප්‍රතික්ෂේපයි

කරුණා අත්අඩංගුවට ගන්නැයි, ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

by Staff writer 21-07-2020 | 6:43 PM
COLOMBO (News 1st) : විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කලෙහිපතිරණ මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් හා සෝභිත රාජකරුණා යන මහත්වරුන් හමුවේ අද දින කැඳවූ අවස්ථාවේදී ය. වගඋත්තරකාර කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් ,එම වරදට එරෙහිව නීතිමය පියවර ගනිමින් පවතින බව පෙනී යන බවත් පැවසූ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා මැතිවරණ අපේක්ෂකයින් ලබන අගොස්තු 10 දක්වා අධිකරණය හමුවට නොකැඳවන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස් පතිවරයා වෙත දැනුම් දීමක් කර ඇති බවත් පෙන්වා දුන්නේ ය. ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමකින් තොරව පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචානාධිකරණය තීරණය කළේ ය.