by Staff writer 21-07-2020 | 8:41 PM
COLOMBO (News 1st) : යාපනයේ, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් එස්.බාලචන්ද්‍රන් මහතා ඇතුළු තානාපති නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ නැගෙනහිර පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් හමුවූහ.
මාධ්‍යයට අනාවරණය කිරීමට ඉඩ නොදුන් මේ සාකච්ඡාව කුමක්ද?
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, තානාපති නිලධාරීන් ලෙස තමන් සිටින රටේ විවිධ පාර්ශ්වවල ජනතාව හමුවීම සාමාන්‍ය දෙයක් බවයි.
එවැනි හමුවීම් අගනගරයේ මෙන්ම නගරයෙන් පිටත් සිදුවන බව මහකොමසාරිස් කාර්යාලය කියා සිටියේ ය.
යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් එස්.බාලචන්ද්‍රන් මහතා ඇතුළු තානාපති නිලධාරීන් ත්‍රීකුණාමලයේ පිහිටි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ නිවසේදී සාකච්ඡාවක් පැවැත්වීය .
එය ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබානොදුන්නේ ය.
පසුව සම්බන්ධන් මහතා මාධ්‍ය හමුවකට සහභාගීවූ අතර ඉන්දීය නියෝජිත හමුව පිළිබඳව විමසීමක් නොකරන ලෙස එහිදී දැනුම් දුන්නේ ය.
මේ අතර ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකදී ඉන්දීය නියෝජිත පිරිස තවත් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් සමග සකාච්ඡා කර තිබේ.
ඒ අතර මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයෝ ද වූහ.
මේ අතර සම්බන්ධන් මහතාගේ අද යළිත් ඊයේ සාකච්ඡාව පිළිබඳව විමසී ය.
එහිදී සම්බන්ධන් මහතා ලබා දුන්නේ මෙවැනි පිළිතුරුකි.
ඒක නිල සාකච්ඡාවක් නෙමෙයි.පෞද්ගලික කාරණයක් සදහා පැමිණ සිටියා
ඉන්දීය තානාපති නියෝජිතයින් සති දෙකකට පමණ පෙර උතුරේ දේශපාලන නියෝජිතයින්ද හමුවී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් පැවසුවේ, සති දෙකකට පෙර තමා ඇතුළු පිරිස ද හමුවූ බවත් එය සාමාන්‍ය සාකච්ඡාවක් බවත් ය.
තව ද එහිදී දේශපාලන විසඳුම් සඳහා ඉන්දියාවේ දායකත්වය ගැන එහිදී සාකච්ඡා වූ බවත් ය.
දේශපාලන විසඳුම් සඳහා ඉන්දියාවේ දායකත්වය ගැන සාකච්ඡා විය. ඉන්දියාව නව මහකොමසාරිස්වරයෙක් පත්කරලා තියෙනවා. එයා තවම හමුවුණේ, නෑ.ඡන්දයෙන් පස්සේ හමුවෙන්න පුළුවන්.ඒගැන තමයි සාකච්ඡා කළේ