English
தமிழ்
කර්තෘ Staff writer
20 Jul, 2020 | 7:00 pm
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, ඔක්තෝබර් 11 වැනි දා පැවැත්වෙනු ඇති.
විභාග සහ පාසල් අධ්‍යයන කටයුතු පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා,
අපි සමීක්ෂණයක් කළා දරුවන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් අහලා අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රථම වතාවට. නොයෙකුත් ඉල්ලීම් තියෙනවා. අදටත් සමහරු කියන්නේ විභාගය කල් දාන්න එපා කියලා. සමහරු කියන්නේ කල් දාන්න කියලා. ඒ අනුව අපි කල්පනා කළා ඔක්තෝබර් 12 තියෙන්නේ උසස් පෙළ විභාගය. ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය ඔක්තෝබර් 11 වැනි දා. සාමාන්‍ය පෙළට දින නියම කලේ නැහැ
විභාග කෙමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා,
දැනට ලබාදීලා තියෙන කාලය අනුව සම්පූර්ණයෙන් විෂය නිර්දේශ ආවරණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඔක්තෝබර් මාසේ 12 වැනි දා විභාගය පටන් අරන් නොවැම්බර් 6 වැනි දා අවසන් වෙනවා. සුපුරුදු ආකාරයට විභාගය පවත්වන්න තමයි සැළසුම.
ඔක්තෝබර් 9 වැනි දා සිට නොවැම්බර් 16 වැනි දා දක්වා දෙවැනි වාර නිවාඩුව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පසුගියවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අපේක්ෂකයින්, පවතින තත්ත්වය හමුවේ විභාග ප්‍රතිඵල ලේඛන ලබා ගැනීම සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේ ය.
විභාග කෙමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා,
උසස් පෙළ අයැදුම් කිරීම සඳහා 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනයක් පාසල් අපේක්ෂකයින්ට පෞද්ගලික අපේක්ෂකයින්ට ලබාගන්න පුළුවන් වෙබ් අඩවියෙන්. වෝටර් මාර්ක් එකක් එක්ක. ඒක ඕනම ස්ථානයකට ඉදිරිපත් කරන්න පුළුවන් නැවත මුදල් ගෙවා ගන්න ඕනේ නැහැ.
උ/පෙළ, ශිෂ්‍යත්වය ඔක්තෝම්බර් මාසයේ
🔺උ/පෙළ, ශිෂ්‍යත්වය ඔක්තෝම්බර් මාසයේ#lka #News1st #DG #SchoolExam #AL #Grade5ScholarshipExam
Posted by Newsfirst.lk on Monday, July 20, 2020
11 Mar, 2022 | 04:26 PM
09 Jun, 2021 | 12:52 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS