සිරකරුවන්ට සමාව දීම ගැන සෙවීමට කමිටුවක්

සිරකරුවන්ට නිදහස දීම ගැන සෙවීමට ජනපතිගෙන් සත් පුද්ගල කමිටුවක්

by Staff writer 20-07-2020 | 8:23 AM

COLOMBO (News 1st) : සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

සත් පුද්ගල කමිටුවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ය. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් , නීතිඥ හරිගුප්ත රෝහණධීර, මේනක අරංගන, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් , නීතිඥ කෞශල්‍ය නවරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ. මේ වනවිට බන්ධනාගාරගත රැඳවියන් සංඛ්‍යාව 26,000 කට ආසන්න ය. නමුත් බන්ධනාගාරවල රැඳවිය හැක්කේ 15,000 කට ආසන්න රැඳවියන් පිරිසක් පමණක් බව කමිටු සාමාජික ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර සදහන් කළේ ය. බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා සුලු වැරදිවලට සම්බන්ධ රැඳවියන්ට සමාව දීමට තීරණය කර තිබේ. ඔහු සඳහන් කළේ, සිරකරුවන් දහසකගේ පමණ තොරතුරු ඇතුළත් වාර්තාවක් මේ වනවිට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කමිටුවට භාර දී ඇති බවයි.