සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වයි

'ශක්තිමත් රටක් - තෘප්තිමත් ජනතාවක්' සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වයි

by Staff writer 20-07-2020 | 9:18 PM

COLOMBO (News 1st) - 'ශක්තිමත් රටක් - තෘප්තිමත් ජනතාවක්' යන තේමාවෙන් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළි දැක්විය.

පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයට අපේක්ෂකයින්, විද්වතුන්, වෘත්තිකයන් ඇතුළු පිරිසක් සහභාගී විය. තුන්කල් දැක්මකින් හා විසි වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවකින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමන්විතය. රටේ ජාතික ආරක්ෂාවට මුල් තැනදීම, 2020 මාර්තු අප්‍රේල් විදුලි හා ජල බිල්පත් සම්පූර්ණයෙන් කපා හැර ජනතාවට සහන සැළසීම, රැකියා සුරක්ෂිතභාවය සඳහා ව්‍යාපාර ආයතනවලට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදීම යන කරුණු එහි ඇතුළත් වේ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, වැඩි කළ විශ්‍රාම වැටුප් ලබාදීම, මව්බිමට පැමිණිමට නොහැකිව සිටින පිරිස ආරක්ෂිතව ගෙන්වා ගැනීමට කටයුතු කිරීම හා කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් විසි දාහක මාසික දීමානවක් ලබාදීමට ද සමගි ජන බලවේගට ප්‍රතිඥා දී තිබේ. දූෂණයේ යෙදුනු සියල්ලන්ට භේදයකින් තොරව නිසි අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ සීමිත කාලයක් තුළ දඬුවම් පැමිණවීම, ජනාධිපතිධූරය මුල් කරගනිමින් ඒකාධිපති පාලනයක් බිහිකිරීමට ඇති ඉඩකඩ අහුරා දැමීම යන කරුණු ද එහි ඇතුළත් වේ. ඉන්ධන මිල අඩු කිරීම, ඖෂධ සඳහා සහන මිලක් ලබා දීම, වැනි කෙටිකාලීන සහන සහ වතුකම්කරුවන් සඳහා දිනකට රුපියල් 1000 දීමනාවක් ලබා දීම කාන්තා හින්සනය පිටුදකින කාන්තා ප්‍රඥප්තිය නීතිගත කිරීම, රැකියා ඉලක්කගත තාක්ෂණ විශ්විවද්‍යාල ආරම්භ කිරීම වැනි දීර්ඝකාලීන වැඩසටහන් එහි ඇතුළත් කර තිබේ. දේශපාලනඥයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සැකසීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සුවිශේෂී කරුණකි. https://www.facebook.com/NewsfirstSL/videos/305999543873576/