වැස්සට ඇළ මාර්ගවන අපේ රටේ මහා මාර්ග

වැස්සට ඇළ මාර්ගවන අපේ රටේ මහා මාර්ග

by Staff writer 20-07-2020 | 7:43 PM

COLOMBO (News 1st) - අනපේක්ෂිත මහ වැස්සත් සමග අද දිවයිනේ ප්‍රදේශ රැසක දෛනික ජන ජීවිත අඩාල විය.

ඒ, ප්‍රධාන නගර කිහිපයකම මහ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙනි. අද අලුයම ආරම්භ වූ වර්ෂාව උදෑසන පැය කිහිපයක්ම පැවැතුණි. ඉන් වැඩි බලපෑමක් එල්ල වූයේ බස්නාහිරට හා දකුණටයි. මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද ඇති විය. අද පෙරවරුවේ වැඩිම වර්ෂාපතනය ලැබුණේ කටුනායකටය. උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා ලබාගත් වාර්තා අනුව එම අගය මිලිමීටර් 170.7 ක් වේ. ලැබුණු වර්ෂාවත් සමග කටුනායක ආශ්‍රිත මාර්ග ද ජලයෙන් යටවිය. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ඉමදූව සිට පින්නදූව දක්වා කොටස අද පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණි. ඒ, 102 වැනි කිලෝමීටර කණුව ආසන්න ප්‍රදේශයේ සිදු වූ පස් කඩා වැටීමක් හේතුවෙන් ය. තව ද බදුල්ල - මහියංගන මාර්ගයේ දුන්හිද පහළ වංගුව ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල විය. https://www.facebook.com/NewsfirstSL/videos/744995056252736/